පාර්ලිමේන්තුවට නව මන්ත්‍රීවරයෙක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ හබීබ් රිෆාන් මහතා අද (සැප්තැම්බර් 24) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එම්.එස්. අබ්දුල් වාහිද් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී තිබිණි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පක්ෂය තුළ ඇති කරගෙන ඇති එකඟතාවකට අනුව, වසරක කාලය බැගින් වසර පහක කාලය තුළ පුද්ගලයන් පස් දෙනෙකු එම මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීමට නියමිත බව පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිෂාම් කාරියප්පර් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

මේ වන විට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ඉල්ලා අස්වී ඇත.

Author

Related Posts