විපක්ෂ නායක ප්‍රමුඛ දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් කැදවා සලේ ගැන කළ චෝදනාවල මූලාශ්‍ර අහනවා! දිලීප අධිකරණයට කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ තුන්වැනි සැකකරු වන සුරේෂ් සලේට මහතාට අදාලව විවිධ ප්‍රකාශ පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටතදී සිදුකර ඇති විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලන නායකයන්ගේද, මේ පිළිබද කරුණු හෙළිදරව් කර ඇති මාධ්‍යවේදීන්ගේද ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව අද දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සුරේෂ් සලේ මහතා පිළිබද නඩුව විභාගයට ගත් අවස්ථාවේ අද දිනයේදී මෙම කරුණු පැවසුවා.

ඔහු එහිදී ප්‍රකාශ කළේ මේ වන විට එම ප්‍රකාශ කර ඇති පුද්ගලයන්ගෙන් තමන්ට එම තොරතුරු ලැබුණු මූලාශ්‍ර ගැන විමසීමට බලාපොරොත්තුවන බවයි. මේ පිළිබද වාර්තා කර ඇති ඇතැම් මාධ්‍යවේදීන් අධිකරණ ශාලාව තුළ පවා සිටින බවත් ඔවුන් විමර්ශනවලට සහයෝගය දක්වනු ඇතැයි බලාපොරොත්තුවන බවත් දිලිප පිරිස් මහතා පැවසුවා.

කෙසේ වෙතත් මෙයට ප්‍රතිචාර ලෙස සුරේෂ් සලේගේ නීතිඥ මහතා පෙන්වා දුන්නේ මෙම විමර්ශනවල බංකොලොත්භාවය පිළිබද මෙලෙස ප්‍රකාශ සටහන් කරගැනීම තුළින් පෙනී යන බවයි. කෙසේ වෙතත් මේ පිලිබද විමර්ශනය කිරිමේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂයෙන් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් අවශ්‍ය නොවන බව මහේස්ත්‍රාත්වරයා විසින් පෙන්වාදීමක්ද සිදු කළා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading