ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ප්‍රකාශ කෙරේ

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර එය පළකර ඇත්තේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමතිවරයාගේ නියමය පරිදිය.

ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත දී සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින්, ත්‍රස්තවාදය ආශ්‍රි වෙනත් වැරදිවලින් සහ ත්‍රස්තවාදය පිළිබඳ වරද සංස්ථාපනය වන ඇතැම් නිශ්චිතව දක්වනු ලබන ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ද, ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්තවාදය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය සහ එහි ජනතාව භාවිත කිරීම වැළැක්වීම සඳහාද, යම් ත්‍රස්තවාදි ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් යම් වරදක් සිදුකර ඇත්තා වූ යම් තැනැත්තකු අනාවරණය කර ගැනීම, හඳුනා ගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරභාරයට ගැනීම, රඳවා තැබීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඬුවම් ලබාදීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කිරීම සඳහා ද එය ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading