ක්‍රිකට් ප්‍රතිසංවිධානයට නව කෙටුම්පතක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය සඳහා වූ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය, නියාමනය, ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පරිපාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්ථාපිත කිරීම මෙන්ම යහපාලනය, සුපිළිපන්භාවය, විනිවිදභාවය, වගවීම, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා යන මූලධර්ම මත ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සහතික කිරීම අරමුණු කර ගනිමින් මෙම පනත් කෙටුම්පත සකස් කර ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ සුබසාධනය ආරක්ෂා කිරීම සහ දූෂණය ඇතුළු අනෙකුත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්ථාපිත කිරීම, එහි බලතල සහ කර්තව්‍යයන් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික විධිවිධාන සැලසීමද මෙම පනත් කෙටුම්පත මඟින් අපේක්ෂා කෙරේ.

2026 ජුනි 08 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම කෙටුම්පත සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර ඒ සඳහා මේ වනවිට නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලැබී තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading