22 ගැන තීරණය කථානායකට ලැබිලාලු! 22 අගහරුවාදා තීන්දුව දැනුම් දෙයි!

ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කරන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පෙත්සම් පිළිබඳ තීන්දුව පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලය වෙත යොමු කර ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ලබන අඟහරුවාදා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත.

මෙම තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකවරයා වෙත යවනු ඇති බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත සැප්තැම්බර් 6 වැනිදා වාර්තා කර තිබුණි.

22 වැනි සංශෝධනය පිළිබඳ විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර, දූෂණ විරෝධී පනතේ සංශෝධනවලට අදාළ පෙත්සම් පිළිබඳ තීන්දුව ද කථානායකවරයා වෙත යොමු කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading