දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කට නායයාමේ රතු නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 6කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක් සඳහා නායයාමේ අවදානම් සහිත ප්‍රදේශවලින් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි පිහිටි පහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම රතු නිවේදන බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ට විශේෂඥ අචාර්ය වසන්ත සේනාධීර පවසයි.

  • ගාල්ල දිස්ත්‍රික්කය: නෙළුව
  • කළුතර දිස්ත්‍රික්කය: වලල්ලාවිට
  • මහනුවර දිස්ත්‍රික්කය: පස්බාගේ කෝරළේ
  • කෑගල්ල දිස්ත්‍රික්කය: මාවනැල්ල, දැරණියගල, අරණායක, යටියන්තොට සහ දෙහිඕවිට
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: නෝවුඩ්, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ අඹගමුව කෝරළේ
  • රත්නපුර දිස්ත්‍රික්කය: රත්නපුර

පසුගිය ද්විත්ව ව්‍යසනයත් සමඟ ප්‍රදේශ කිහිපයක ඇතිවූ නායයාම් නැවත සක්‍රීය වීමේ අවදානමක් පවතින බැවින්, අදාළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් හා සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවලට අයත් සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් 13ක් සඳහා අද (21) දිනයේ නිවාඩු ලබාදී තිබේ.

මේ අතර ගිං ගඟ සහ කළු ගඟේ කුඩා ගඟ අවට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading