ඩිජිටල් සේවා මත බද්ද ක්‍රියාත්මකයි

ඩිජිටල් සේවා මත බද්ද සැප්තැම්බර් 16 දින සිට රාජ්‍ය ආදායම් වර්ගීකරණයේ උපලේඛනයට ඇතුළත් කර ඇත.

භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, මුදල් කොමිෂන් සභාවේ ලේකම් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත සැප්තැම්බර් 15 දින සහිත චක්‍රලේඛයක් මගින් ඒ සම්බන්ධයෙන් වන දැනුම් දීම සිදුකර තිබේ.

එම චක්‍රලේඛයේ පිටපත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හා විගණකාධිපතිවරයාට යොමු කර තිබේ.

2026 අංක 14 දරන වැට් හෙවත් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත යටතේ ඩිජිටල් සේවා මත බද්ද පනවා ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading