සීඅයිඩීයෙන් දැනුම් දීමක් නැහැ- මුජිබර් රහුමාන්

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන ලෙස විපක්ෂ නායක ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් කිසිවකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිල වශයෙන් දැනුම් දීමක් සිදුකර නැති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට ස්වෙච්ඡාවෙන් ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් What News කළ විමසීමකදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා එසේ පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තුවේ සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදෙන ලෙස කැඳවිය නොහැකි වුවද, ස්වෙච්ඡාවෙන් ප්‍රකාශ ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිල වශයෙන් ඉල්ලීමක් කළහොත් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading