ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නීතීඥ හබීබ් රිෆාන් මහතා පත් කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ.
මෙම පත්කිරීම සිදු කිරීමට නියමිතව ඇත්තේ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දැරූ අබ්දූල් වාහිද් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහාය.
මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවකට අනුව, වසරක කාලය බැගින් වසර පහක් තුළ පුද්ගලයන් පස් දෙනෙකු එම මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීමට නියමිත බව එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිෂාම් කාරියප්පර් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
එමෙන්ම, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු ඉල්ලා අස්වී ඇත.
