කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී විශ්ව කොඩිකාර අද දින (17) අධිකරණයේදී වරද පිළිගෙන ඇත.
ඉන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය රුපියල් පන්දහසක දඩයක් නියම කල අතර නැවතත් මෙවැනි වරදවල් සම්බන්ධයෙන් අධිකරණයට පැමිණියහොත් පුනරුත්ථාපනයට යොමු කරනු ලබන බවටද මහේස්ත්‍රාත්වරිය අවවාද සිදු කළාය.
වැල්ලවත්ත පොලිසියට ඊයේ (16) දින රාත්‍රීයේ දී ලද තොරතුරකට අනුව වැල්ලවත්ත වෙරළ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලකදී සිදු කරන ලද වැටලීමකින් ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර ඇතුළු පස් දෙනෙකු පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන අද දින (17) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විශ්ව කොඩිකාර සන්තකයේ කොකේන් මිලිග්‍රෑම් 1050 ක් ළඟ තබාගෙන සිටියදී සොයා ගත් බව වැල්ලවත්ත පොලිසිය නඩු මෙහෙයුම් අංශය ගල්කිස්ස අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේය.
