ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (සැප්තැම්බර් 17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධී ලෙස බස් රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කර ඇත.
1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන සහ 2014 සැප්තැම්බර් 19 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශවලට පටහැනිව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.
එමෙන්ම, අදාළ අවසරපත් සඳහා වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමටද කටයුතු කර නොමැති බව අල්ලස් කොමිසම සඳහන් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
