ඥානසාර මල්වතු අස්ගිරි මහනායක හිමිවරු බැහැදකිති

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබියදී උන්වහන්සේ අද (17) පෙරවරුවේ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක තිබේ.

අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක උන්වහන්සේ වෙත ලිපියක් බාරදී තිබෙන ගලගොඩඅත්තේ ඥානසාර හිමි අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන්ද බැහැදැක කරුණු දැක්වීමක් සිදුකර ඇත.

මෙම අවස්ථාවට පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමිද සහභාගි වී තිබේ. ගලගොඩඅත්තේ ඥානසාර හිමි මල්වතු පාර්ශයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන්ද බැහැදැක අදාළ ලිපිය බාරදී තිබේ.

Author

2 Comments

  • මෙවැනි අශිෂ්ට මිනිසුන්ට සමාව දීමට තරම් අපි කෙළෙසුන් නැසූ මිනිසුන් නොවෙමු
    එසේනම් අන් අයටත් පාඩමක් ඉගෙනීමට හැකි වන අයුරින් මොහුට දැඩි දඬුවම් දිය යුතුය.

  • ඥානසාර හිමි කියන්න උබලගෙ දිව නැමෙන්නෙ නැතිඋනාට අතිගරු කාදිනල් හිමි කියන්න දිව නැමෙනව නේද? ඊය ලැජ්ජයි

Comments are closed.

Related Posts