පොලිස් නිශ්කාශන සහතික ගාස්තුව රුපියල් 5000යි

පොලිස් නිශ්කාශන සහතිකයක් ලබාගැනීමේදී අයදුම්පත් ගාස්තු වශයෙන් රුපියල් 5000ක මුදලක් අයකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

පොලිස් නිශ්කාශන සහතික ලබා ගැනීමට අවශ්‍ය අයදුම්කරුවන් ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවියට පිවිස අයදුම්පත බාගත කරගෙන සම්පූර්ණ කරන ලද අයදුම්පත ලඟම පිහිටි පොලිස් ස්ථානයේ නිලධාරියකු මගින් නිශ්කාශන පද්ධතියට ඇතුලත් කරගත යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම පෙර හඳුන්වා දෙන ලද විද්‍යුත් තැපැල් මගින් අයදුම්පත් ඉදිරිපත් කිරීම මින් ඉදිරියට අවශ්‍ය නොවන බවද, එසේ විද්‍යුත් තැපැල් මගින් අයදුම්පත් ඉදිරිපත් කළ අයදුම්කරුවන්ද නව ක්‍රමවේදය යටතේ ලඟම පිහිටි පොලිස් ස්ථානය මගින් නිශ්කාශන සහතික අයදුම් කිරීමට කටයුතු කළ යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading