ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලිස්පතිට ලැබෙනතුරු ඥානසාරට එරෙහිව පියවරක් නැහැ

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා Whatnews කළ විශේෂ විමසීමකදී ප්‍රකාශ කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේදී ලබාදුන් ජනාධිපති සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේය.

ඥානසාර හිමියන්ට ලබාදුන් එම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසිනි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading