නීති විරෝධිව උපයාගත් ඇඹිලිපිටියේ කෝටි 13ක දේපල දෙකක් ක්‍රියා විරහිත කරයි

නීති විරෝධීව උපයා ගන්නා ලදැයි ලැබුන පැමිණිල්ලක් මත සිදුකරන විමර්ශනයක් හේතුවෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ රුපියල් කෝටි 13ක් වටිනා දේපල දෙකක් සැප්තැම්බර් 07 දින සිට දින 14ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාශය කටයුතු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ල ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් එම කොට්ඨාශයට යොමුකර තිබෙන අතර ඒ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මෙම දේපල අත්කරගෙන ඇතැයි සඳහන් කරමින්ය. ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම දේපල ක්‍රියාවිරහිත කිරීම සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කර ඇති නිවේදනයට අනුව එම එක් දේපලක් ඇඹිලිපිටිය කාවන්තිස්සපුර පිහිටි රුපියල් කෝටි 07ක් වටිනා අක්කර 01ක් හා රූඩ් 02 ක විශාලත්වයෙන් යුත් ඉඩම හා එහි ඇති තෙමහල් නිවසක් වන අතර ඇඹිලිපිටිය නව නගරයේ පිහිටි රුපියල් කෝටි 06ක් වටිනා පර්චස් 23.7 ක ඉඩම හා එහි ඇති තෙමහල් නිවස ක්‍රියා විරහිත කර ඇති අනෙක් දේපල වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading