වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කළ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලැබුණු නිගමනය ඉදිරිපත් කරමින් කථානායකවරයා සඳහන් කළේ අදාළ වගන්ති පවත්නා ආකාරයෙන්ම පවත්වා ගන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත යුතු බවයි.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති සංශෝධනවලට යටත්ව හෝ අදාළ වගන්ති පනත් කෙටුම්පතෙන් ඉවත් කර, එය සරල බහුතරයකින් සම්මත කරගැනීමේ හැකියාව පවතින බවද තීන්දුව උපුටා දක්වමින් කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන් සඳහා ඉහළ ප්‍රමිතීන් සහ ආචාරධර්ම හඳුන්වා දීම, ප්‍රවර්ධනය කිරීම මෙන්ම පවත්වාගෙන යාම අරමුණු කරන බව පවසමින් මෙම පනත් කෙටුම්පත මගින් අදාළ ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස පිහිටුවීමට යෝජනා කර ඇත.

Author

1 Comment

  • අදිකරනය ස්වාධීන නැද්ද ඒකනේ කියන්නේ අදිකරනය දේවල් විනිශ්චය කරන්නේ විවස්තානුකූලව ඒක ඔය කොයිකටත් එකයි 22 ගැන තීන්දුවටත් ගරු කරන්ඩ ඕනේ

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading