ගම්මන්පිලට එරෙහි ව්‍යාජ ඇටෝනි බලපත්‍ර නඩුවේ ලිඛිත දේශන සඳහා දින නියමවේ

රුපියල් මිලියන 21ක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි නඩුව ලිඛිත දේශන සඳහා ලබන 18 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ අද (සැප්තැම්බර් 3) නියෝග කර ඇත.

මෙම නඩුවේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරිය මෙලෙස ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා දින නියම කර තිබේ.

1996 සැප්තැම්බර් මස 26 වන දින සහ 1997 සැප්තැම්බර් මස 25 අතර කාලය තුළ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටෝර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව චෝදනා හතරක් යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩ මහතා පෙනී සිටි අතර, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය වෙනුවෙන් පෙනී සිට ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading