මාර්ග අනතුරු සහ ට්‍රැෆික් අඩු කරන්න යතුරුපැදි – පාපැදිවලට වෙනම මංතීරුවක්!

මාර්ග අනතුරු හා වාහන තදබදය අවම කිරීමේ එක් පියවරක් ලෙස පාපැදි සහ යතුරු පැදිකරුවන් සඳහා ප්‍රධාන මාර්ග වල වෙනම මංතීරූවක් හඳුන්වා දීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ජනාකීර්ණ නගර වල පවතින ඉඩකඩ සහ වාහන තදබදය අනුව පාපැදි සහ යතුරු පැදි සඳහා වෙන් කරන ඉඩ ප්‍රමාණය ප්‍රාදේශීය මට්ටමින් තීන්දු කර ගත යුතු බවත් මහනුවර දිස්ත්‍රික්කය සදහා වන යෝජනාව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත ඉදිරිපත් කළ බවත් ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන වන අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෙද්‍යෙ සුරංග ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ඊයේ (03) පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.

මෙරට යුද්ධය හේතුවෙන් දිනකට මරණයට පත්වූ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් රිය අනතුරු වලින් දෛනිකව මරණයට පත්වන බවත් එසේ මරණයට පත්වන අයගෙන් වැඩි දෙනෙක් යතුරු පැදිකරුවන් හා පදිකයින් බවත් කී ඒ මහතා මෙම මරණ බොහොමයක් වලක්වා ගත හැකි බවද අවධාරණය කළේය

මහනුවර දිස්ත්‍රික්කයේ මේ ආකාර වෙනම මංතීරුවක් ස්ථාපිත කළ යුත්තේ කුමන ස්ථානවලද යන්න සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත යෝජනා ඉදිරිපත් කරන ලෙස මහනුවර මහ නගර සභාවට , මාර්ග සංවර්ධන අධිකාරියට හා මූලස්ථාන පොලීසියට දැනුම් දුන් බවද ඒ මහතා කීය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading