ශීතකරණ හා වායුසමන කාර්මික ශිල්පීන් සහ සූර්ය බලශක්ති කාර්මික ශිල්පීන් ලෙස ඉදිරියේදී කටයුතු කළ හැක්කේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සුදුසුකම ලබාගෙන ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ඉංජිනේරු කාර්මිකයකු ලෙස ලියාපදිංචි වීමෙන් පමණක් බවට වූ රීති ප්‍රකාශයට පත්කර ඇත.
ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත යටතේ එහි සභාපති තිලක් ද සිල්වා විසින් 2026 ජූලි මස 07 දින සහිත අති විශේෂ ගැසට් පත්‍ර මගින් මෙම රීති ප්‍රකාශයට පත්කර ඇත.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සමඟ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් අද (03) ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ ජාතික සභාව පවත්වනු ලැබීය.
එම රීති අනුව ශීතකරණ හා වායුසමන කාර්මික ශිල්පියෙකු සහ ජංගම වායුසමන කාර්මික ශිල්පියෙකු ලෙස 2028 ජනවාරි 01 දින සිට 2029 දෙසැම්බර් 31 දක්වා කටයුතු කිරීම සඳහා ජාතික වෘත්තීය නිපුනතා 3 වන (NVQ 3) මට්ටම අනිවාර්ය වේ.
එමෙන්ම 2023 ජනවාරි 01 දිනෙන් පසු එම කටයුතුවල යෙදීම සඳහා ජාතික වෘත්තීය නිපුණතා 4 මට්ටම අනිවාර්ය කර තිබේ.
මේ ආකාරයටම සූර්ය බලශක්ති කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කිරීම සඳහා 2028 ජනවාරි 01 දින සිට 2029 දෙසැම්බර් 31 දින දක්වා ජාතික වෘත්තීය නිපුණතා 3 වන මට්ටම හා 2030 ජනවාරි 01 දිනෙන් පසුව ජාතික වෘත්තීය නිපුණතා 4 සුදුසුකම අනිවාර්ය බව එම අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇත.
