පලතුරු වගාවේ නිරත ගොවීන්ගේ අවදානම් ආවරණය කිරීම සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුවන්වා දී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් අද (සැප්තැම්බර් 2) දින නිවේදනය කර තිබේ.
ඒ අනුව, අන්නාසි, පැපොල් සහ කෙසෙල් ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති පලතුරු භෝග මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්ෂණය කිරීමට අවස්ථාව හිමි වේ.
මූලික රක්ෂිත මුදලින් සියයට 7ක මුදලක් වාරිකයක් ලෙස ගෙවා රක්ෂණාවරණය ලබාගත හැකි අතර, ස්වාභාවික විපත්, රෝග හා පළිබෝධ හානි, කෘමි හානි මෙන්ම වන අලි හානි සඳහා ද ආවරණය හිමි වේ.
වගාවට හානි සිදුවන අවස්ථාවක දී අක්කරයකට රුපියල් ලක්ෂ 3ත් 4ත් අතර වන්දි මුදලක් ලබාදීමට කටයුතු කෙරේ.

පළතුරු නෙමෙයි පලතුරු