විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් 12,000ක පමණ අවශ්‍යතාවක් පැවතියද මේ වන විට සේවය කරන්නේ 5,000ක පමණ ප්‍රමාණයක් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින මෙම ගැටලු වෙනුවෙන් ස්ථීර විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම නිසා අද (සැප්තැම්බර් 02) දින දිවා විවේක කාලයේ එම සංගමය විරෝධතාවයේ නිරත වී ඇත.
වත්මන් රජය බලයට පත්වී වසර දෙකක් පමණ ගතවුවත් විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සඳහා කිසිදු විසඳුමක් ලබාදීමට සමත් වී නොමැති බව පෙන්වා දෙන එහි ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය සමඟ මෙම ගැටලු පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයට පැමිණියද, ඒ සඳහා මෙතෙක් කිසිදු තීරණයක් ලබාදී නොමැති බවද ප්‍රකාශ කර සිටී.
වැඩිදුරටත් කරුණු දක්වන ඒ මහතා සඳහන් කර සිටින්නේ විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදීමට අපොහොසත් වන්නේ නම් එළඹෙන සතිය තුළ මෙම විරෝධතා තවදුරටත් දැඩි කිරීමට කටයුතු කරන බවයි.
