සීඅයිඩී අධ්‍යක්ෂ ධුරයේ වැඩ ආවරණයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් අමරසිංහ, ශානි සීඅයිඩී ජීඅයිජී තනතුරට

පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් අමරසිංහ විශේෂ රාජකාරි පදනම යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් පත්කර තිබේ.

එමෙන්ම ඒ අනුව හිස්වන පොලිස් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කිරීම පිණිස විශේෂ රාජකාරි පදනම යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි ඒ එස් කේ බණ්ඩාර පොලිස්පතිවරයා විසින් පත්කර තිබේ.

මෙම තත්වය මත අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වුවද නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් තවදුරටත් කටයුතු කරනු ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading