දූෂණ විරෝධී කෙටුම්පතට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අභියෝග කරයි

ආණ්ඩුව විසින් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇත.

සම්පූර්ණ තොරතුරු හෙළිදරව් කිරීමට යටත්ව, සහායකයින්ට එරෙහිව නඩු පැවරීමෙන් වැළකී සිටිය යුතුද නැද්ද යන්න තීරණය කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයාගේ පූර්ව අවසරයෙන් තොරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරීමට බලය ලබාදීම, වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ වගකීමෙන් රජයට 25% සිට 50% දක්වා කොටස් හිමි සමාගම්වල නිලධාරීන් ඉවත් කිරීම, ප්‍රකාශනයට පෙර අවම වශයෙන් මාස හයක්වත් එකම ගෘහයේ එකට ජීවත්වන සහකරුවන්/සහකාරියන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඇති බැඳීම ඉවත් කිරීම, පුද්ගලයකුගේ පෞද්ගලිකත්වයට හානි වන බව සලකන ඕනෑම තොරතුරක් වසා දැමීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබෙන අත්තනෝමතික බලය, එසේ සංස්කරණය කරන ලද වත්කම් ප්‍රකාශයක් මහජනතාව විසින් පනතේ සඳහන් කාර්යයන් හැර වෙනත් කිසිඳු කාර්යයක් සඳහා භාවිතා කිරීම අපරාධ වරදක් බවට පත්කිරීම එම පෙත්සම මගින් අභියෝගයට ලක්කර තිබේ.

එම පෙත්සම මගින් අභියෝගයට ලක්කරන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි බවට තීන්දු කරන ලෙසත්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් අනුමත කරන ලෙසට තීන්දුවක් ලබාදෙන ලෙස ඒ මගින් ඉල්ලා ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading