දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (අගෝස්තු 31) දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඇමති රවී කරුණානායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
එම කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
එහිදී අධිකරණය විසින් මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප ලබාදීම සිදුකර ඇති අතර, ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.
මුදල් අමාත්‍යවරයාව සිටියදී ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවාගත් නිලධාරීන් 05 දෙනෙකු තම පෞද්ගලික කටයුතු සඳහා යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද ඔහු අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
