දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (සැප්තැම්බර් 1) දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට පැමිණ තිබේ.
ඒ එම කාර්යාංශය භාරයේ රඳවාගෙන සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ශිරාන් බාසික් පසුගිය මාර්තු මාසයේදී ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, අගෝස්තු 14 වැනිදා මෙරටට රැගෙන එන ලද අතර, දැනට සැකකරු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් ඇත.
