රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම අද (01) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ආරම්භ කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලීම සිදු කෙරේ. 22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 67ක් සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 05ක් වශයෙන් සමස්ත පෙත්සම් 72ක් අධිකරණය හමුවේ ගොනු කර ඇත.
මෙම පෙත්සම් විභාගය සඳහා මුලින් නියම කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 502 ශාලාවයි. නමුත් එම ශාලාව තුළ ප්‍රමාණවත් ඉඩකඩ පහසුකම් නොමැති වීම හේතුවෙන්, විභාගය 501 ශාලාවට මාරු කරන ලෙස ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී.
එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල, පෙත්සම් විභාගය වඩාත් ඉඩකඩ සහිත 501 ශාලාවට මාරු කිරීමට පියවර ගන්නා ලදී.
