විවාහ පොරොන්දු දී කාන්තාවක දූෂණය කිරීම: හිටපු නගරාධිපති අතාවුල්ලා රිමාන්ඩ්

විවාහ පොරොන්දු ලබාදෙමින් කාන්තාවක දූෂණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු ඇමති ඒ එල් එම් අතාවුල්ලාගේ පුත් අක්කරෙයිපත්තු මහ නගර සභාවේ හිටපු නගරාධිපති අහමඩ් සකී අතාවුල්ලා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

අත්අඩංගුවට ගෙන අක්කරෙයිපත්තු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ඔහුව සැප්තැම්බර් 19 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු නගරාධිපතිවරයා ලෙස සේවය කරන සමයේ එම නගර සභාවේ සේවය කළ රජයේ සේවිකාවක මෙසේ විවාහ පොරොන්දු ලබාදී ලිංගික දූෂණයට ලක්කර ඇති අතර ඇය ඒ සම්බන්ධයෙන් අම්පාර ලඹා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු විමර්ශන ආරම්භ වී තිබේ.

Author

Related Posts