රාජිත සේනාරත්නට අධි චෝදනා

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද (අගෝස්තු 11) දින අධි චෝදනා ගොනු කර තිබේ.

2012 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර වෙ‍ෙළඳපොලට විකිණීමේ කාර්යය සඳහා කොරියානු සමාගමක් තෝරාගෙන එම කටයුතු සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් වැලිගොව්වා නමැති නෞකාව බදු පදනම යටතේ පවරාදීම සඳහා එම සංස්ථාවේ සභාපතිවරයාට බලපෑම් කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා පත්‍රය ගොනුකර ඇත.

මේ තුළින් විත්තිකරුට එල්ල කර තිබෙන චෝදනා සංඛ්‍යාව 05කි. මෙහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 13 දෙනෙකු නම් කර ඇති අතර නඩු භාණ්ඩ ලෙස ලේඛන 25ක් නම් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading