කන්ටේනර් පිටකිරීමේ චෝදනා ලැබූ හිටපු රේගු ප්‍රධානී සීවලී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ධුරයට

නිසි පරික්ෂාවකින් තොරව රේගුවෙන් කන්ටේනර් පිටකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී ඇරක්ගොඩ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස පත්කර ඇත.

ඒ අගෝස්තු 10 දින සිට ක්‍රියාත්මක වන පරිදිය.

එම කාර්යාංශය ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 වසරේදී ආරම්භ කරන ලද එකක් වන අතර එය ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන්නකි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව හා සුරාබදු දෙපාරතමේන්තුව යන රජයේ ප්‍රධාන ආදායම් උපයන ආයතනවල ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කටයුතු එම කාර්යාංශය මගින් සිදුකිරීමට නියමිතව තිබේ.

සීවලී අරුක්ගොඩ මහතාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කළේ නිසි පරික්ෂාවකින් තොරව රේගුවෙන් කන්ටේනර් පිටකිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා තිබියදීය.

Author

Related Posts