තංගල්ල ප්රදේශයේ අලුත් බන්ධනාගාරයක් පිහිටුවීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර නියම කර ඇත.
බන්ධනාගාර ආඥා පනතෙන් ඔහුට ලැබී ඇති බලතල ප්රකාරව බන්ධනාගාර ආඥා පනතේ කාර්යයන් සඳහා මෙම බන්ධනාගාරය පිහිටුවීමට නියම කර ඇත.
ඒ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් පත්රය අංක 2501/26 යටතේ 2026 අගෝස්තු 10 දින සහිතව නිකුත් කර තිබේ.
