2026 මැයි 18 වන දිනට ත්‍රිවිධ හමුදාවේ සේවය කරන මුළු සාමාජිකයින් සංඛ්‍යාව 193,140ක් වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් අසන ලද ප්‍රශ්නයකට අගෝස්තු 05 වන දින පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.
ඒ අනුව යුද්ධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 130,851ක් වන අතර, ඒ නිලධාරීන් 8,311කින් සහ සෙසු නිලයන් 122,540කින් සමන්විත වේ.
නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 34,990ක් වන අතර ඒ නිලධාරීන් 3,067 සහ සෙසු නිලයන් 31,923 වශයෙනි, ගුවන් හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 27,299ක් වන අතර ඒ නිලධාරීන් 2,140 සහ සෙසු නිලයන් 25,159 වශයෙනි.
තවද, පසුගිය වසර පහක් ඇතුළත අවස්ථා දෙකකදී සිදු කළ පොදු සමා ලබාදීම් යටතේ යුද්ධ හමුදාවෙන් 31,088ක්, නාවික හමුදාවෙන් 2,501ක් සහ ගුවන් හමුදාවෙන් 1,394ක් ලෙස නිත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
