සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවට මරණ තර්ජන

බන්ධනාගාර නිලධාරින් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සම්බන්ධයෙන් කටයුතු නොකරන ලෙස දැනුම් දෙමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරාට සහ එම කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල්ට මරණීය තර්ජන එල්ල කර තිබේ.

ඔවුන් දෙදෙනාට එම මරණ තර්ජන ලිඛිතව ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එමෙන්ම එම පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (අගෝස්තු 06) සවස බොරැල්ල පොලීසියට යෑමට නියමිත බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී නීතිඥ සේනක පෙරේරා පැවසීය.

මෙම මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

එම මරණ තර්ජන දැනුම් දීම්වල සඳහන් වන්නේ ජිනීවා ගොස් නිලධාරින් රට ගැන බොරු කියා පාවා නොදෙන ලෙසත්, හිරකාරයන් සම්බන්ධයෙන් සිදුකරන වැඩ නැවැත්විය යුතු බවත් හා එසේ නොකළහොත් අඩි හයක් යටට යන්නට ලෑස්ති වී සිටින ලෙසය.

Author

1 Comment

  • mt therena widiyta sirakaruwo unam aithi wasikm gen katha karna eka hoda deyak, eth ape rate inne sirakaruwo ne, itha manushika kottasayak eka pehedili unam negambo una siddiyen
    mt hithenen meyal mehema karnakota eyalta NGO walin salli enawa
    anika oya sira karuwo, mita kalin ohoma kerali gahuwe nane mkda eyalta one dewla okoma lebuna
    ethakota eken sirakruwo heden nane
    e welawe meyala katha kale nane
    ane manda hema kenam karane boruwa, thamunge bada gosthere wenuwena
    hema thenma inna hemoma ekai
    me rata kawda hedeida manda

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading