රජයට පාඩු සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීම කියන චෝදනාවට අදාලව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද දින අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 18වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ හිටපු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විමධ්‍යගත පරිපාලන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් කටයුතු කරමින් තමාගේ කාර්ය මණ්ඩලය සඳහා යැයි බඳවාගත් සේවකයන් 3 දෙනෙකු ඔහුට අයත් ඉන්ධන පිරවුම්හලක සේවයට යොදා ගැනීමේ චෝදනාව මතය.
ඊට අමතරව එසේ ඔහුගේ කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගත් තවත් සේවකයකු තනතුරට අදාළ වෙන්කර තිබූ කාර්යාලයේ රාජකාරි සඳහා යොදවා ගැනීමකින් තොරව රජයෙන් වැටුප් හා දීමනා ගෙවා ඇත.
එසේ රජයෙන් වැටුප් හා දීමනා ගෙවීමෙන් රුපියල් 2,768,836.14ක් රජයට පාඩු සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීම ඔහුට එරෙහි චෝදනාව වේ.
