විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමේ 22 සංශෝධනය එයි, අගවිනිසුරුගේ ධුර කාලය අවුරුදු 6 කට සීමා කරයි

උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අදාළ විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර එහි විශේෂත්වය වන්නේ අගවිනිසුරුවරයාගේ ධුර කාලය අවුරුදු හයකට සීමාකර තිබීමයි.

එම සංශෝධනයට අනුව අගවිනිසුරුවරයා විශ්‍රාම ගතයුතු වයස ඔහු අවුරුදු හැට හතට එළඹෙන දිනය හෝ අගවිනිසුරු ධුරයට පත්වන දිනයේ සිට වසර හයක කාලසීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කලින් එළඹෙන දිනය වශයෙන් නියම කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් විශ්‍රාම ගතයුතු වයස අවුරුදු 67 ලෙසද, අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් විශ්‍රාම යායුතු වයස අවුරුදු 65 දක්වාද ඒ මගින් ඉහළ දමා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් අවුරුදු 65 දී හා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් අවුරුදු 63 දී විශ්‍රාම ගත යුතු බවයි.

මීට අමතරව අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමද මෙම සංශෝධනය මගින් යෝජනා කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව මෙම සංශෝධනය මගින් වැඩි කිරීමට යෝජනා කර නැත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading