පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීම සඳහා දැනට සිරදඬුවම් ලබා සිටින සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඊයේ (අගෝස්තු 06) බදුල්ල බන්ධනාගාරයේ සිට කොළඹට රැගෙන විත් ඇතත්, කථානායකවරයාගේ ක්‍රියාකලාපය නිසා ඔහුට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට නොහැකි වී ඇතැයි වාර්තාවේ.
මීට පෙර සිරදඬුවම් ලබා තිබියදී පාර්ලිමේන්තුවට කැඳවූ මන්ත්‍රීවරුන් සම්බන්ධ ලියවිලි පරික්ෂා කිරීමට අවශ්‍ය බව කියමින් කථානායකවරයා චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන ඒම ඊයේ වළක්වා ඇති අතර අද (අගෝස්තු 07) විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන්වා තිබුණි.
අද පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවට නොකැඳවීම මගින් වරප්‍රසාද කඩවී ඇති බවට වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් එය පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද කමිටුවට යොමු කරන ලෙෂ ඉල්ලා සිටියේය. එමෙන්ම එහිදී ඊයේ දිනයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැළැක්වූවේ කවුදැයි එම අවස්ථාවේ මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායකවරයාගෙන් විමසා සිටි අතර ඒ කවුදැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියේය.
