ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්නගේ ඩීඑන්ඒ පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පලයක් ලබා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස කර තිබූ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය විසින් අද (අගෝස්තු 04) ප්රතික්ෂේප කර තිබේ.
සිය දරුවා ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්නට දාව ඉපදුන බැවින් දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ටර් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළව අධිකරණයෙන් එම ඉල්ලීම කර තිබුණි.
එම ඉල්ලීම ප්රතික්ෂේප කරමින් අධිකරණය සඳහන් කර ඇත්තේ ඩීඑන්ඒ ඉල්ලීම අනුමත කිරීමට තරම් ප්රමාණවත් කරුණු අධිකරණයට ඉදිරිපත් කර නැති බැවින් එය ප්රතික්ෂේප කරන බවයි.
2023 වසරේ පමණ සිට චාමික කරුණාරත්න හා තමා අතර සමීප සබඳතාවක් පැවති අබවට චෝදනා කර ඇති ඇය තමා ගැබිනියක් වූ පසු ඔහු පීතෘත්වය පිළිගැනීම ප්රතික්ෂේප කළ බව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
දරුවාගේ පීතෘත්වය ප්රතික්ෂේප කිරීම හා ඩීඑන්ඒ පරීක්ෂණයක් මුහුණ දීම චාමික කරුණාරත්න විසින් මීට පෙර ප්රතික්ෂේප කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් වන නඩුව යළි ඔක්තෝබර් 9 දින කැඳවීමට නියමිතය.
