ප්‍රධාන මාර්ගවලට යතුරුපැදි මංතීරුවක්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාර්ගවල සිදුවන යතුරුපැදි අනතුරු අවම කිරීමේ අරමුණින් යතුරුපැදි සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ හේලිස් ඇඩ්වාන්ටිස් සමාගම එක්ව ඊයේ (අගෝස්තු 3) කොළඹ 14, ඉගුරුකඩේ ‘City Pak by Advantis’ ආයතන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කළ “100 for 100” ජාතික යතුරුපැදි ධාවන සුරක්ෂිතතා වැඩසටහනේ ප්‍රධාන පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.

එහි පළමු අදියර නැගෙනහිර පළාතේ කලවංචිකුඩි නගරයෙන් ආරම්භ කරමින් ප්‍රධාන මාර්ගයේ මීටර් 3.5ක පළලක් යතුරුපැදි සඳහා වෙන් කිරීමට නියමිතය.

ඉදිරි මාර්ග ව්‍යාපෘතිවලදී ද යතුරුපැදි සඳහා වෙනම මංතීරු වෙන් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමටත් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Author

Related Posts