මෙම වසරේ තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
විදුලි බල මණ්ඩලය අහෝසි කිරීමෙන් පසු ඇතිකරන ලද ජාතික පද්ධති මෙහෙයුම් සමාගම තෙවන කාර්තුව සඳහා ඉදිරිපත් කළ විදුලි සැපයුම් පිරිවැය සමාලෝචනය කිරීමෙන් අනතුරුව එම තීරණය ගන්නා ලද බව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහාජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
සියලු ගැලපීම් කිරීමෙන් අනතුරුව 2026 වසරේ තෙවන කාර්තුව සඳහා වන විදුලිය සැපයීමේ පිරිවැය ඉහළ යෑම සියයට 0.3 කට හෙවත් රුපියල් මිලියන 417 කට සීමා වී ඇති බව ඇස්තමේන්තුගත කර ඇති බවත්, ඒ අනුව තුන්වන කාර්තුව සඳහා විදුලිය ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවත්, දෙවන කාර්තුවේ පැවති ගාස්තු ක්රමයම තෙවන කාර්තුවේදී ද බලාත්මක බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
