ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඇංග්ලිකන් සභාව ඉල්ලයි

උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ලය ගත් තීරණය සම්බන්ධයෙන් සිය කණගාටුව හා කණස්සල්ල පළකරන බව ලංකා සභාව හෙවත් ඇංග්ලිකන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙවැනි සංශෝධනයකින් නීතියේ ආධිපත්‍යයට හා අධිකරණයේ ස්වාධීනත්වය හා අපක්ෂපාතිත්වය කෙරෙහි සිදුවන බරපතල හානිය පෙන්වා දෙමින් නීතිඥ සංගමය හා අනෙකුත් පාර්ශව ඉදිරිපත් කළ ප්‍රබල තර්ක කෙරෙහි ජනාධිපතිවරයාගේ හා අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුවනු ඇතැයි බලාපොරොත්තු වන බවද එහි සඳහන් කර තිබේ.

ගොඩගැසී ඇති නඩු ඉක්මණින් විනිශ්චය කර අවසන් කිරීමේ අවශ්‍යතාවය දක්වමින් මෙම සංශෝධනය සාධාරණීයකරණයට ආණ්ඩුව දරන උත්සාහය තාර්කික හෝ ප්‍රතිපත්තිගරුක පැහැදිලි කිරීමක් නොවන බවත්, උපරිමාධිකරණවල පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් තවදුරටත් පවත්වාගෙන යෑම නිසා එය බරපතල ලෙස අභියෝගයට ලක්වන බවත් එහි සඳහන් කර තිබේ.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලා අස්කර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් හා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවත්, ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන කාර්ය වන්නේ විධායකය පාලනය කිරීම (පරික්ෂා කිරීම) බව මතක තබා ගන්නා ලෙසත්, මෙම සංශෝධනය මගින් සිය කීර්තිනාමයට සහ රටේ නීතියේ ආධිපත්‍යයට සිදුවන හානිය පිළිබඳව අවධානයෙන් සිටින ලෙෂත් අධිකරණයෙන් හා එහි නායකත්වයෙන් ඉල්ලා සිටින බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Screenshot

Author

2 Comments

  • ජනතාව සතු බලයට අබියෝග කරන්න ඔය ලපයි සිපයි ලට කොහොමත් බැහැ.

  • හරිනෙ ඉතිං, කලකට පෙර කුරුණෑගල ඇංග්ලිකානු බිෂොප් පදවිය දැරූ ලක්ෂ්මන් වික්‍රමසිංහ කියන්නෙ රනිල්ගෙ බාප්පා නේ.

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading