සරත් වීරවංශට ඇප

ඉංජිනේරු සංස්ථාවට අයත් රජයේ වාහන අවභාවිත කරමින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර තිබේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර සරත් වීරවංශ, අද පෙරවරුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම ඇප නියෝගය ලබා දී ඇත.

ඉකුත් ජූලි 15 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading