ටෙන්ඩරයක් නොදාන්න ලක්ෂ 20ක් අල්ලස් ගත් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට

ටෙන්ඩරයක් සඳහා මිල ගණන් ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් ලක්ෂ 20ක අල්ලස් මුදලක් ලබා ගැනීම හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ගම්පොල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන අරුණගිරි නාදර් ලෝගේන්ද්‍රන් සහ ලෝගේන්ද්‍රන් සිවරාජි යන අයව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන තිබේ.

ජුලි 27 දින පෙරවරුවේ ගම්පොල තැපැල් කාර්යාලය අසල රථ ගාලේදී එම කොමිෂන් සභාවේ නිලධාරින් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මුළුතැන්ගේ සඳහා 2027 වසරේ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අදාළ ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් නොකර සිටීම සඳහා එම අල්ලස් මුදල ලබා ගැනීම සිදුකර ඇති අතර ඒ පැමිණිලිකරුට එම ටෙන්ඩරය ලබා ගැනීමට හැකිවන පරිදි සැකකරු විසින් ඔහුගේ පියාගේ හා මාමාගේ නමින් ලබාගෙන ඇති අයදුම්පත් සඳහා මිල ගණන් ඉදිරිපත් නොකිරීම යන කොන්දේසිය යටතේය.

මුලින් ඒ සඳහා රුපියල් ලක්ෂ 30ක මුදලක් ඉල්ලා ඇති අතර පසුව එය රුපියල් ලක්ෂ 25 දක්වා අඩුකර, නැවත එය රුපියල් ලක්ෂ 20 දක්වා අඩුකර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading