විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්නේ මෙහෙමයි

අද (ජුලි 27) කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනීමට නියමිත විනිසුරුවන්ගේ විශ්‍රාම ගැනීමේ වයස වැඩි කිරීම පිළිබඳ යෝජනාවේ ඇතුළත් කරුණු විශ්වාශවන්ත මූලාශ්‍රයක් මගින් අපට දැනගන්නට ලැබී ඇති අතර ඒ අනුව ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 67 දක්වා වැඩි කෙරෙනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස මේ වනවිට පවතින්නේ වයස අවුරුදු 65 ලෙසය.

එමෙන්ම අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කෙරෙනු ඇති අතර අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව ද 5කින් වැඩි කෙරෙනු ඇත.

තවද අභියාචනාධිකරණය පළාත් මට්ටම දක්වා පුළුල් කරනු ලබන අතර පළාත් බද අභියාචනාධිකරණ මගින් එම පළාත්වලට අදාළ අභියාචනා විභාගයට ගනු ඇත. අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස මේ වනවිට පවතින්නේ වයස අවුරුදු 63 ලෙසය.

මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයසද අවුරුදු 63 දක්වා ඉහළ දමන අතර මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාවද 120 දක්වා වැඩි කෙරෙනු ඇත. එය සිදුකිරීමට නියමිතව ඇත්තේ අධිකරණ සංවිධාන පනතට සංශෝධන ඇතුළත් කිරීම මගිනි.

මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යෑමේ වයසද අවුරුදු 62 දක්වා වැඩි කෙරෙන අතර මහේස්ත්‍රාත්වරුන් හා විනිසුරුවරුන්ගේ සේවය රාජ්‍ය සේවයෙන් වෙන්වූ සේවාවක් බවට පත් කිරීමටද නියමිතය.

Author

1 Comment

Comments are closed.

Related Posts