යල කන්නයේ වී අස්වැන්නෙන් රජය මිලදී ගන්නේ 2% යි

පසිඳු සඳරුවන්

මෙවර යල කන්නයේ වී නිෂ්පාදනයෙන් සියයට 2ක ප්‍රමාණයක් රජය මඟින් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා What news කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

ඒ යටතේ වී මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රමාණයක් මිලදී ගැනීමට නියමිත බවත්, ඒ සදහා රුපියල් මිලියන 6000ක මුදලක් රජය වෙන් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව ජූලි 13 වනදා සිට නාඩු වී කිලෝවක් රුපියල් 120කටද, සම්බා වී කිලෝවක් රුපියල් 130කටද, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140කටද මිලදී ගැනීම ආරම්භ කර ඇත.

මීට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහ සමූපකාර සමිතිවලට වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක ණය පහසුකමක් රාජ්‍ය බැංකු හරහා ලබා දීමටද රජය කටයුතු කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading