පෞද්ගලික බැංකුවකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් රුපියල් ලක්ෂ 250ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව, ඉදිරි නීතිමය පියවර සඳහා නීතිපති උපදෙස් වෙත යොමු කර ඇති බව CIDය අද (15) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.
අද දින මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් නඩුවට අදාළ වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර මෙම වංචාව සිදුවූ බැංකුවේ අදාළ ලේඛන වලට අත්සන් තබන ලද පුද්ගලයන්ව හඳුනා ගැනීම වෙනුවෙන් විශේෂ අත් අකුරු පරීක්ෂණයක් පැවැත්වූ බව ද ප්‍රකාශ කර කර තිබේ.
දැනට මෙම සිද්ධියට අදාළ සම්පූර්ණ විමර්ශන ගොනුව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර කර තිබේ. මෙම නඩුව නැවත දෙසැම්බර් 9 වෙනිදා කැඳවීමට නියමිතයි.
