සනීපාරක්ෂක තුවාවලට SLS ප්‍රමිතිය අනිවාර්ය කරයි

ආනයනය කරනු ලබන හෝ දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන එක්වරක් පමණක් භාවිතා කළ හැකි සනීපාරක්ෂක තුවා හා සිහින්/තුනී සනීපාරක්ෂක තුවා සඳහා එස්එල්එස් භාණ්ඩ සහතික ලංඡනය අනිවාර්ය කර තිබේ.

ජුලි 09 දින අංක 2496/28 අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩ බලන සභාපති එස්එම්ඩී සූරියකුමාර විසින් එම විධානය නිකුත් කර ඇති අතර එය 2026 ඔක්තෝබර් 08 දින සිට බලාත්මක වන බව සඳහන් කර තිබේ.

ඒ අනුව කිසිම නිෂ්පාදකයකු, අසුරන්නෙකු, බෙදාහරින්නෙකු, ප්‍රවාහනය කරන්නෙකු, ගබඩා කරන්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කර ඇති එස්එල්එස් භාණ්ඩ සහතික ලාංඡනය නොමැතිව ඒ ආකාරයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හෝ විකිණීම, විකිනීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් බවට විධානය කර තිබේ.

එමෙන්ම එම විධානය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් එම ප්‍රමිතීන් සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුකරනු ලබන සියලු සංශෝධනයන්ට යටත් බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading