හදබිම අධිකාරිය වසා දමයි

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වසා දැමීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

රාජ්‍ය ආයතන යළි කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම තීරණය ගෙන තිබෙන බවද ඒ් මහතා කීය.
මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වල සේවයේ නියුතු සමෘද්ධි නිලධාරීන් ප්‍රජා සවිබල ගැන්වීම පිළිබඳව දැනුවත් කිරීම නිමිත්තෙන් මහනුවර සහස් උයන පරිශ්‍රයේදී අද (15) පැවැති උත්සවයේදීය.

එක් එක් කාලවල පැන නැගුණු අවශ්‍යතා අනුව යම් යම් ආයතන ආරම්භ කර තිබෙන බවත් අදාළ අවශ්‍යතා සම්පූර්ණ වූ පසුද ඒවා පවත්වාගෙන යෑම රටට විශාල බරක් වී තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.

මේ හේතුවෙන් අදට ගැලපෙන ලෙස රාජ්‍ය ආයතන නැවත කළමනාකරණය කිරීම යටතේ ඇතැම් ආයතන වසා දැමීමටත් තවත් ඒ්වා ඒ්කාබද්ධ කර පවත්වාගෙන යෑමටත් තීරණය කර තිබෙන්නේ යැයි ලාල්කාන්ත මහතා අවධාරණය කළේය.

යල් පැන ගිය රටට බරක් වූ රාජ්‍ය ආයතන වසා දැමුවත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වැනි රටට වැඩක් කළ හැකි ආයතන තව දුරටත් පවත්වාගෙන යන්නේ යැයිද ඇමැතිවරයා කීවේය.

Author

Related Posts