රජයේ ඉඩමකට කූඨලේඛන සකස් කර විකිණීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අද(15) අධිචෝදනා භාර දී තිබේ.
කිරිබත්ගොඩ නගරයේ පිහිටි මෙම රජයේ ඉඩමට කූඨලේඛන සකස් කර විකිණීමට තැත් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම අධිචෝදනා පත්‍ර භාරදීම සිදු කර තිබේ.
එහිදී තමන් මෙම චෝදනාවලට නිවැරදිකරුවන් බව විත්තිකරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර, කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය ඔවුන් හයදෙනාගේම විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස නියෝග කර ඇත. අනතුරුව, එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරුවන් මුදා හැරීමට නියම කළ අධිකරණය,
මෙලෙස ඇප මත මුදා හැරුණේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, ජයන්ත කබ්රාල්, මෙල්රෝයි පෙරේරා සහ සරත් කුමාර එදිරිසිංහ යන අය වන අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ සමදරී පියසේන මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.
නඩුවේ ඉදිරි කැඳවීම ලබන සැප්තැම්බර් මස 01 වැනිදාට නියම කර තිබේ.
