හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන අවභාවිත කිරීමේ සිදුවීමකට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වේ.
සරත් වීරවංශ මහතාට විදේශගත වීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය ජූනි 10 වෙනිදා ගමන් තහනමක් ද පනවා තිබිණි.
රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 09ක දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ක්‍රියාත්මක වන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වේ.
