චාමර සම්පත්ට එරෙහිව කාදිනල් හිමි නඩු මඟට

කාදිනල් මැල්කම් රංජිත් හිමි සම්බන්ධයෙන් සිදුකරන ලද වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රී චාමර සම්පත්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීම සඳහා කාදිනල් හිමිගේ නීතිඥයින් මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව ඒ හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වත්මන් යුද හමුදාපතිවරයා ජුලි 02 දින පළතුරු වට්ටියක් රැගෙන කාදිනල් හිමිගේ ගෙදරට ගිය බවට, එදිනම ඔහුගේ සේවා කාලය නිමා වන බවට, පළතුරු වට්ටියක් උස්සාගෙන ගිය හමුදාපතිගේ සේවා කාලය 2028 ජනවාරි හෝ පෙබරවාරි වෙනකන් දීර්ඝ කර ඇති බවට එහිදී චාමර සම්පත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණ බව එහි සඳහන් කරයි.

මන්ත්‍රී චාමර සම්පත් දසනායක ජුලි 10 දින හෝ ඒ ආසන්න දිනෙක ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක පැවැත්වූ කථාවකදී කර තිබූ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බවත්, එය ප්‍රතික්ෂේප කරන බවත්, කාදිනල් හිමියන් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති සමුළුවකට සහභාගි වීම සඳහා රෝමයේ වතිකානයට ගොස් ආපසු දිවයිනට පැමිණියේ ජුලි 03 දින බවත්, එදින සිට මේ දක්වා හමුදාපතිවරයා හා කාදිනල් හිමි අතර කිසිඳු හමුවීමක් සිදුව නැති බවත් එහි අවධාරණය කරයි.

මන්ත්‍රීවරයාගේ එම සම්පූර්ණ ප්‍රකාශය තුළ ඇත්තේ ආගම්වාදය පදනම් කරගෙන මේ රටේ ආගමික සංහිඳියාව විනාශ කිරීම මගින් පටු දේශපාලන වාසි ලබා ගැනීමේ නින්දිත අරමුණක් බව එහි වැඩිදුරටත් සඳහන් කරයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading