GovPay වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියකින් දඩ මුදල් අයකරගෙන

රජයේ සේවාවන් වෙත ඩිජිටල් ගෙවීම් පහසුකම් සැපයීම සඳහා නිර්මාණය කරන ලද GovPay වෙබ් අඩවියට සමාන ලෙස ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර මහජනතාව මුලා කර මුදල් වංචා කිරීමේ ජාවාරමක් සිදුවන බව පොලීසිය නිවේදනය කරයි.

වේග සීමා උල්ලංගනය කිරීම ඇතුළු රථ වාහන වැරදි සිදුකළ බව හා ඒ සඳහා වන දඩ මුදල ව්‍යාජ වෙබ් අඩවියට ගෙවිය යුතු බව සඳහන් කරමින් කෙටි පණිවිඩ මහජනයා වෙත ලැබෙමින් පවතින බවට තොරතුරු පොලීසියට ලැබී ඇති බව එහි සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොලීසිය රථවාහන වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එම වැරැද්ද සිදුකළ පුද්ගලයාට එම ස්ථානයේදීම සිදුකළ වරද සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකර ස්ථානීය දඩ පත්‍රිකාවක් නිකුත් කිරීම හෝ වරදට අදාළව නඩු පැවරීම සිදුකිරීම දැනට සිදුවන ක්‍රියාවලිය බව එහි පැහැදිලි කර තිබේ.

එමෙන්ම ආවේක්ෂණ කැමරා උපයෝගි කරගෙන පොලිසිය විසින් යම් අවස්ථාවක රථවාහන වැරදි හඳුනා ගැනීමක් සිදුකළ අවස්ථාවකදී වුවද ඒ සඳහා ක්‍රියාත්මක වීමේදී කෙටි පණිවිඩ යොමුකර අදාළ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් තොරතුරු ලබා ගැනීමක් කිසිසේත් සිදු නොකරන බවද එහි අවධාරණය කර තිබේ.

එවන් වංචනික ක්‍රියාවකට මේ වනවිටත් යම් අයකු භාජනය වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ද වැඩිදුරටත් දැනුම් දෙන දෙයි.

Author

1 Comment

  • ඕව පොලිස් කාරයොම එකතු වෙලා කරන වැඩ gov pay කඩාකප්පල් කරන්න

Comments are closed.

Related Posts